ඉතිහාසගත චන්ද්‍ර මෙහෙයුමෙන් පසු 'Artemis II'ගගනගාමීන් පෘථිවියට
April 11, 2026 06:18 am
'Artemis II' මෙහෙයුම යටතේ ඉතිහාසගත චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය.
ඔරායන් යානය මෙරට වේලාවෙන් අද (11) අලුයම 5.30ට කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට ආරක්ෂිතව ගොඩ බස්සවනු ලැබූ බව නාසා ආයතනය තහවුරු කළේයය.
දින 10ක චන්ද්‍ර මෙහෙයුම ආරම්භ කරමින් ඔරාන් අභ්‍යවකාශ යානය පසුගිය අප්‍රේල් 6වනදා සඳ බලා ගමන් ආරම්භ කරනු ලැබීය.
ඒ අනුව ඔවුන් මෙම මෙහෙයුම යටතේ කිලෝමීටර 406,771 (සැතපුම් 252,756)ක චන්ද්‍ර පියාසැරිය සම්පූර්ණ කිරීමට හැකිවිය.
මෙම දුර පෘථිවියෙන් ඔබ්බට මිනිසුන් මෙතෙක් ගමන් කර ඇති උපරිම දුර වේ.
