මධ්යම බස් නැවතුම්පොළේ දේපලවලට අලාභ හානි සිදුකළ සැකකරුවෙකු අත්අඩංගුවට
April 12, 2026 10:19 am
පසුගිය 08 දින නවීකරණය කර මහජන පරිහරණය සදහා විවෘත කරන ලද පිටකොටුව මධ්යම බස් නැවතුම්පලෙහි දේපලවලට හානි සිදුකර ඇති බවට පිට කොටුව පොලිස් ස්ථානය වෙත එම බස් නැවතුම්පලෙහි සුභ සාධක අංශය විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව විමර්ශන නිලධාරින් විසින් ඊයේ (11) එයට සම්බන්ධ සැකකරුවෙකු සොරකම් කරන ලද දේපල වලින් කොටසක් ද සමඟ කැලණිය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 33ක් වන කැලණිය ප්රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් වෙයි.
සිදුව ඇති හානිය සම්බන්ධව ශ්රී ලංකා ගුවන් හමුදාව මඟින් තක්සේරු වාර්තාවක් කැඳවීමට නියමිතව ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
