ප්රදේශ කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
April 13, 2026 05:46 pm
දිවයිනේ දිස්ත්රික්ක හතරක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අදියර 1 යටතේ නායයාම් අනතුරු ඇඟවිම් නිකුත් කර තිබේ.
එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (13) පස්වරු 04.00 සිට හෙට පස්වරු 04.00 දක්වා බලපැවැත්වෙන බවය.
ඒ අනුව මහනුවර, නුවරඑළිය, කෑගල්ල හා රත්නපුර යන දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා මෙසේ අදියර 1 යටතේ 'විමසිලිමත්ව සිටින' ලෙස නිවේදනය කර ඇත.
මහනුවර දිස්ත්රික්කය - යටිනුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
කෑගල්ල දිස්ත්රික්කය - වරකාපොළ, කෑගල්ල සහ රඹුක්කන ප්රාදේශීය ලේකම් කොට්ඨාස
නුවරඑළිය දිස්ත්රික්කය - නුවරඑළිය සහ අඹගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාස
රත්නපුරය දිස්ත්රික්කය - ඉඹුල්පේ, කුරුවිට, ඕපනායක, පැල්මඩුල්ල සහ රත්නපුරය ප්රාදේශීය ලේකම් කොට්ඨාස
