හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවයට ජනපති එක්වෙයි
April 15, 2026 06:47 am
මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ශ්‍රී නාථ දේවාල භූමියේදී ආරම්භ වූ රාජ්‍ය හිස තෙල් ගෑමේ මහෝත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වී තිබේ.
සිංහල අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් පරිදි හිස තෙල් ගෑමේ නැකත අද (15) පෙරවරු 6.55ට යෙදී ඇත.
පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි යැයි නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි.
මල්වතු සහ අස්ගිරි මහා නා හිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ආරම්භ වූ මෙම හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්වය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු දේශපාලනඥයින් රැසක් එක්වූහ.
