තුර්කියේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් නව දෙනෙකු ජීවිතක්ෂයට
April 15, 2026 10:04 pm
දකුණුදිග තුර්කිගේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් මිය ගිය සංඛ්‍යාව නවය දක්වා ඉහළ ගොස් තිබේ.
පාසල් සිසුවෙක් විසින් පන්ති කාමරයක් තුළ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඉන් තවත් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරින් ප්‍රකාශ කර ඇත.
ඔවුන්ගෙන් හය දෙනෙකු දැනට දැඩි සත්කාර ඒකකයේ සිටින අතර, ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන් වේ.
අටවන ශ්‍රේණියේ සිසුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවත් වෙඩික්කරු සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ අතර තුර්කියේ ගිනිකොණදිග ප්‍රදේශයේ පිහිටි පාසලක, එම පාසලේම හිටපු සිසුවෙකු විසින් ඊයේ (14) සිදුකළ වෙඩි තැබීමකින් 16 දෙනෙකු තුවාල ලැබූහ.
18 හැවිරිදි වෙඩික්කරු එම පාසලේම ආදිශිෂ්‍යයෙකු බව සඳහන් විය.
