අවුරුදු සමයේ PHI වැටලීම් 2,000ක් - 400කට නීතිමය පියවර
April 16, 2026 07:18 am
සිංහල දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් වෙළෙඳුන් 400කට අධික පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ, අප්‍රේල් පළමු වෙනිදා සිට 12 වෙනිදා දක්වා සිදුකළ 2,000කට ආසන්න වැටලීම්වලින් වෙළෙඳසැල් 12,000කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර ඇති බවය.
මෙහිදී සනීපාරක්ෂාවට අහිතකර අන්දමින් ආහාර අලෙවි කිරීම හා කල්ඉකුත් වූ ආහාර අලෙවි කිරීම ආදී වූ වැරදි යටතේ මෙම වෙළෙඳසැල් සඳහා නීතිමය පියවර ගත් බවද ඒ මහතා පැවසීය.
මෙවැනි වැටලීම් වෙසක් සහ පොසොන් උත්සවය මුලික කරගනිමින්ද සිදුකිරීමට නියමිත බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
