මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පැමිණෙන පළමු බොරතෙල් නෞකාව හෙට දිවයිනට

මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පැමිණෙන පළමු බොරතෙල් නෞකාව හෙට දිවයිනට

April 16, 2026   03:03 pm

මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පැමිණෙන පළමු බොරතෙල් රැගත් නෞකාව හෙට (17) දිනයේ මෙරටට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසයි.

එහි කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා පැවසුවේ මෙම නෞකාවෙන් බොරතෙල් මෙට්‍රික් ටොන් 97,500ක් මෙරටට රැගෙන එන බවය.

එමෙන්ම තවත් නෞකාවක් මෙමස අග වන විට ලංකාවට පැමිනීමට නියමිත බවද ඒ මහතා පැවසීය.

"යුද තත්ත්වයෙන් පස්සේ ලංකාට එන බොර තෙල් නෞකාව ලංකාවට ලඟා වෙනවා මෙට්‍රික් ටොන් 97,500ක් සමඟ. ඒ වගේම තවත් නෞකාවක් මෙමස අග එන්න නියමිව තිබෙනවා. එවගේම අමෙරිකාවේ සිට එන WTI නෞකාව, නැව්ගත කරමින් තිබෙනවා. අද දිනයේදී වගේ යාත්‍රා කිරීමට පටන්ගනියි ලංකාව බලා.  ඒ අනුව මෙතෙක් කල් ලංකා ඛනිජතෙල් සංස්ථාවට ගැටලුවක්ව තිබූ බොර තෙල් සැපයුම තහවුරු කර ගැනීම ප්‍රශ්නයත් මේ වන විට අවසන් වෙලා තියෙනවා."