දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
April 17, 2026 08:56 am
නිකවැරටිය කොබෙයිගනේ ප්රදේශයේදී දැදුරු ඔයේ දියනෑමට ගිය පිරිසක් අතරින් අතුරුදන් වූ තවත් සිව්දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ.
ඒ අනුව මේ දක්වා දැදුරු ඔයේ ගිලී මිය ගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම තවත් පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවත් අතුරුදන් වූ තවත් දෙදෙනෙකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.
කඩවත ප්රදේශයේ පදිංචිව සිටි 7 දෙනෙකුගෙන් යුත් පිරිසක් කොබෙයිගනේ සිය ඥාති නිවසකට ගොස් ඇති අතර පසුව එම නිවසේ තවත් පිරිසක් සමග 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිය නෑම සඳහා දැදුරු ඔය වෙත ගොස් තිබුණි.
එහිදී මෙම අනතුරු සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
