හෙටත් පළාත් කිහිපයක උණුසුම ඉහළට

හෙටත් පළාත් කිහිපයක උණුසුම ඉහළට

April 19, 2026   03:48 pm

හෙට (20) දිනයේ දී පළාත් කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කළ යුතු " මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසයි.

එනම්, උතුරු, උතුරු - මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වලත් සහ මොණරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය ''අවධානය යොමු කළ යුතු" මට්ටමක පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව අදාළ ප්‍ර දේශවල ජනතාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත.