වැස්ස තිබුණත් හෙටත් පළාත් රැසක උණුසුම ඉහළට

වැස්ස තිබුණත් හෙටත් පළාත් රැසක උණුසුම ඉහළට

April 21, 2026   04:08 pm

පළාත් කිහිපයකට හෙට (22) දිවා කාලයේ දී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කල යුතු '' මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසයි.

උතුරු, උතුරු - මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර පළාත් සහ මොණරාගල දිස්ත්‍රික්කය සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත.

එම ප්‍රදේශවල ජනතාවට විමසිලිමත්වන ලෙස වැඩිදුරටත් දැනුම් දී තිබේ.