සුරේෂ් සලේට එරෙහි නඩුව මැයි 20 දක්වා කල්යයි

සුරේෂ් සලේට එරෙහි නඩුව මැයි 20 දක්වා කල්යයි

April 22, 2026   04:09 pm

පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල ප්‍රගතිය මැයි 20වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැඩි ආරක්ෂක විධිවිධාන මැද, සුරේෂ් සලේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද (22) ඉදිරිපත්කළ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ බව දැන්වීය.

ඉකුත් නඩු දිනයේ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් කරනු ලැබූ නියෝගයකට අනුව සැකකාර සුරේෂ් සලේව මෙහිදී අධිකරණයට රැගෙන විත් තිබුණි.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සුරේෂ් සලේ, තවදුරටත් රැඳවුම් භාරයේ තබාගැනීමට අධිකරණය මෙහිදී නියම කරනු ලැබීය.