ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ නිවාස 50,000කට අධික සංඛ්‍යාවකට හානි
April 23, 2026 09:43 am
හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය විසින් ලෙබනනය වෙත එල්ල කළ ප්‍රහාරවලින් එරට නිවාස ඒකක 50,000කට අධික සංඛ්‍යාවකට අලාභහානී සිදුව ඇති බවට ඇස්තමේන්තු කර තිබේ.
ඒ අනුව යුද්ධයෙන් ගත වූ දින 45 තුළ එල්ල වූ ප්‍රහාරවලින් නිවාස 17,756ක් පුර්ණ ලෙස විනාශ වී ඇති අතර නිවාස 32,668කට හානි සිදුව ඇති බව ලෙබනන් රජය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එමෙන්ම යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා කාලය තුළ ඊශ්‍රායලය ප්‍රහාරවලින් ලෙබනන ජාතිකයින් 2,400කට අධික පිරිසක් මියගොස් මිලියනයකට අධික පිරිසක් අවතැන්ව ඇති බව ද වාර්තා වේ.
