ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය අසංග සෙනෙවිරත්නට
April 25, 2026 07:56 pm
ඉදිරි වසර 04ක කාලය සඳහා ජාතික ඔලිම්පික කමිටුවේ සභාපති ධුරය සඳහා අසංග සෙනවිරත්න මහතා පත්ව තිබේ.
ඒ අද (25) පැවති එම කමිටුවේ නිලවරණයේදිය.
මෙවර සභාපති ධුරය සඳහා අපේක්ෂකයින් 5 දෙනෙක් නාමයෝජනා දී තිබුණි.
ඒ අතරට ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්, ශ්රී ලංකා වෙඩි තැබීමේ සම්මේලනයේ උපසභාපති ශිරන්ත පීරිස් සහ ශ්රී ලංකා බේස් බෝල් සම්මේලනයේ සභාපති අසංග සෙනෙවිරත්න යන ප්රධාන අපේක්ෂකයින් අයත් විය.
එහිදී පැවැති නිලවරණයෙන් ඡන්ද 16ක් ලබා ගනිමින් අසංග සෙනවිරත්න මහතා ඉදිරි වසර 04 සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරයට පත්ව තිබේ.
