මොරටුවේ ගින්නක් - වඩු මඩුවක් සහ නිවසක් සම්පූර්ණයෙන් ගිනිගනී
April 26, 2026 02:17 pm
මොරටුව ගාලු පාර කොරලවැල්ල ප්රදේශයේ වඩු මඩුවක අද (26) දහවල් ඇතිවූ ගින්නකින් එම වඩු මඩුව සහ ඒ අසල පිහිටි නිවසක් ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
එගොඩ උයන පොලීසිය පැවසුවේ ගින්නෙන් කිසිදු කෙනෙකුට තුවාල වී හෝ ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවය.
මොරටුව නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.
එගොඩ උයන පොලීසිය ඉදිරි පරීක්ෂණ පවත්වයි.
