පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියකට 5ක් අත්අඩංගුවට

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියකට 5ක් අත්අඩංගුවට

April 26, 2026   04:07 pm

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ඊයේ (25) හැකිව තිබේ.

අදාළ සැකකරුවන් ඉකුත් 22 වැනිදා මට්ටක්කුලිය පොලිස් වසමේ දී පුද්ගලයෙකු පැහැරගෙන ගොස්, ගෙල සිරකර දියේ ගිල්වා ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ බවට මූලික විමර්ශනයේ දී අනාවරණය වී ඇත.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත, මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

අදාළ සැකකරුවන් අවුරුදු 23ත් 36ත් අතර වයස්වල පසුවන කොළඹ 15 හා පමුණුගම ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.

සැකකරුවන් අද (26) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. 

මට්ටක්කුලිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.