අමෙරිකානු පාස්පෝට් එකට ට්‍රම්ප්ගේ රුව එයි
April 29, 2026 06:32 am
අමෙරිකානු විදේශ ගමන් බලපත්‍රවල ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව ඇතුළත් කිරීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එය එක්සත් ජනපදයේ 250 වැනි නිදහස් සංවත්සරය සැමරීම වෙනුවෙන් නිකුත් කිරීමට නියමිත සීමිත සංස්කරණ විදේශ ගමන් බලපත්‍රයක් බව සඳහන් වේ.
ප්රජාතන්ත්රවාදී රටක දැනට බලයේ සිටින නායකයෙකුගේ රුව විදේශ ගමන් බලපත්‍රයක මුද්‍රණය කෙරෙන දුර්ලභ අවස්ථාවක් ලෙස මෙය සැලකෙන අතර, එය ඉතිහාසගත සිදුවීමක් විය හැකි බවද වාර්තා වේ.
