අදත් ප්‍රදේශ කිහිපයකට සවස 1න් පසුව තද වැසි

අදත් ප්‍රදේශ කිහිපයකට සවස 1න් පසුව තද වැසි

May 2, 2026   06:14 am

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 

දකුණු පළාතෙත් කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.