මාලදිවයින සහ මෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබේ
May 4, 2026 12:01 pm
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්යය මොහොමඩ් මුයිසු මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවයෙන් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට එළැඹුණි.
ඒ සංචාරක, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය, ක්‍රීඩා, තරුණ සංවර්ධනය, ලේඛනාගාර, ආරක්ෂක අංශ යන කේෂ්ත්‍ර සඳහා බව ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාව එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
එම අවබෝධතා ගිවිසුම් පහතින් දැක්වේ.
01. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ මාලදිවයින් ජනරජය අතර සංචාරක ක්ෂේත්රයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය ඉර්තිෂාම් ආදම් ( Iruthisham Adam) මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.
02.ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව සහ මාලදිවයින් ජාතික ලේඛනාගාරය අතර ලේඛනාගාර සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය ඉර්තිෂාම් ආදම් ( Iruthisham Adam) මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.
03.මාලදිවයින් ජනරජයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අතර ගුරුවරුන් සහ පාසල් නායකයින් පුහුණු කිරීම සහ වෘත්තීය සංවර්ධනය පිළිබඳ අවබෝධතා මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය ඉර්තිෂාම් ආදම් ( Iruthisham Adam) මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.
04. මාලදිවයින් ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර ක්‍රීඩා සහ තරුණ සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය ඉර්තිෂාම් ආදම් ( Iruthisham Adam) මහත්මිය සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.
05.ආරක්ෂක අංශ සහයෝගීතාව සඳහා මාලදිවයින් ජනරජයේ ජාතික ත්‍රස්තවාදී මර්දන මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආරක්ෂක අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාද් (Masood lmad) මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා විසින් හුවමාරු කර ගනු ලැබීය.
06.මාලදිවයින් ජනරජයේ ආරක්ෂක සහ ජාතික සේවා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාද් (Masood Imad) මහතා සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් දම්මික කුමාර මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.
07.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කොළඹ විශ්වවිද්‍යාලය සහ මාලදිවයින් ජනරජයේ සෞඛ්‍ය, පවුල් සහ සුබසාධන අමාත්‍යාංශය අතර අධ්‍යයන සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාද් (Masood lmad) මහතා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක මහතා විසින් හුවමාරු කර ගනු ලැබීය.
මුයිසු මහතා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ අද (04) පෙරවරුවේ පැවැත්වුණි.
එම උත්සවයෙන් අනතුරුව පැවති රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව පැවති ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ, තම ආරාධනය පිළිගෙන දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයාට සිය ස්තූතිය පිරිනමන බවය.
එමෙන්ම දිට්වා ආපදා සමය තුළ දී මානුෂීය ආධාර ලබාදීම සම්බන්ධයෙන් සහ එම අපහසු කාලසීමාව තුළ දැක්වූ සහයෝගය පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා මාලදිවයින රජයට සිය ස්තූතිය පුද කළේය.
දෙරට අතර පවතින පොදු අභියෝගය ලෙස ගෝලීය දේශගුණික තත්ත්වය හඳුන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුහුදු ජල මට්ටම ඉහළ යෑම සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම ඒ අතර කැපී පෙනෙන බවද පැවසීය.
මේ අතර විශේෂයෙන් තොරතුරු තාක්ෂණය, කෘතිම බුද්ධිය, ධීවර හා කෘෂි සැකසුම්, සංචාරක, දේපොළ වෙළෙඳාම සහ නාගරික යටිතල පහසුකම් යන කෂේත්‍රවල අයෝජන අවස්ථා ගවේෂණය කිරීමට එක්වන ලෙස ද ජනාධිපතිවරයා මාලදිවයින් රජයට ආරාධනා කර සිටියේය.
එමෙන්ම මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු, හෙට (05) සහභාගී වීමට නියමිතව ඇති ව්‍යාපාරික සංසදයේ කටයුතු ද සාර්ථක කර ගැනීමට හැකිවනු ඇතැයි තමා අපේක්ෂා කරන අතර, ඒ සඳහා සුභාෂිංෂණ එක්කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී අවස්ථාවක් කරගනු ලැබීය.
දෙරට අතර සිදුවු මෙම විශේෂ අවස්ථාව සංකේතවත් කරමින් ශ්‍රී ලංකා මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලය සඳහා කොළඹින් ඉඩමක් වෙන්කර ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස මාලදිවයිනය විසින් ද ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහා ද ඉඩමක් වෙන්කර ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී නිවේදනය කළේය.
