අමෙරිකාවේ වෙඩි තැබීමක්
සයුරෙන් එතෙර

අමෙරිකාවේ වෙඩි තැබීමක්

May 4, 2026   01:27 pm

අමෙරිකාවේ, ඔක්ලහෝමා ප්‍රාන්තරයේ සාදයක සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 12දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබු පුද්ගලයින් එරට ආරක්ෂක අංශ විසින් රෝහල් ගත කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සාදයේ තරුණයින් එක්රැස්වී සිටි ස්ථානයක මෙම වෙඩි තැබීම සිදුව ඇති බවද සඳහන්.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීම සිදු කළ සැකකරුවන් ද මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වා ඇත.