අමෙරිකාවෙන් ඉරානයට දැඩි අනතුරු අඟවීම්
May 4, 2026 10:39 pm
අමෙරිකානු හමුදා වත්කම් සහ මධ්‍යස්ථානවලින් ඈත්ව සිටින ලෙස අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානයේ (CENTCOM) ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් ඉරානයට අනතුරු අඟවා තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන ‘Project Freedom’ මෙහෙයුම අතරතුර වාණිජ නෞකාවලට බාධා කිරීමට උත්සාහ කළ ඉරාන බෝට්ටු හයක් ගිල්වා දැමූ බවත්, ඉරාන කෲස් මිසයිල සහ ඩ්‍රෝන යානා කිහිපයක් සාර්ථකව විනාශ කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.
අද්මිරාල්වරයා පෙන්වා දෙන්නේ මෙය ආරක්ෂක මෙහෙයුමක් වන අතර ඒ සඳහා බැලැස්ටික් විරෝධී මිසයිල නාශක නෞකා යොදවා ඇති බවය.
ගල්ෆ් මුහුදු සීමාවේ රටවල් 87කට අයත් නෞකා පවතින බවත්, බියකින් තොරව හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කරන ලෙසත් ඔහු එම නෞකාවලින් ඉල්ලා සිටියි.
ඉරානයෙන් එල්ල වන ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා අමෙරිකාව දිගටම කටයුතු කරන බවද ඔහු අවධාරණය කරයි.
