මැතිවරණ ජයග්‍රහණයට දිලිත්ගෙන් විජේට සුබ පැතුම්

මැතිවරණ ජයග්‍රහණයට දිලිත්ගෙන් විජේට සුබ පැතුම්

May 5, 2026   10:43 am

තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ජෝසප් විජේ චන්ද්‍රසේකර් සහ ඔහුගේ තරුණ, පෙරළිකාර දේශපාලන බලවේගය වන TVK පක්ෂයට සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සිය x ගිනුමේ සටහනක් තබමින් සුබ පැතුම් එක් කර තිබේ.

17 වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් දෙමළ සිනමාවේ සුපිරි නළු විජේගේ TVK පක්ෂය ඊයේ (04) දැවැන්ත ජයක් ලැබීය.

දශක පහකට ආසන්න කාලයක් තමිල්නාඩු දේශපාලනය මෙහෙයවූ DMK සහ AIADMK පක්ෂවල ආධිපත්‍යය බිඳ දැමීමට මෙමගින් ඔහු සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම මැතිවරණයේ දී DMK පක්ෂය ආසන 59කට සීමා වෙමින් ප්‍රධාන විපක්ෂය බවට පත්ව ඇති අතර AIADMK පක්ෂය ආසන 47ක් ලබා ගනිමින් තෙවන ස්ථානයට පත් ව තිබේ.