තලපති විජේගේ ජයග්‍රහණයට නාමල්ගෙන් සුබ පැතුම්

තලපති විජේගේ ජයග්‍රහණයට නාමල්ගෙන් සුබ පැතුම්

May 5, 2026   11:29 am

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තමිල්නාඩු මැතිවරණයෙන් ජයගත් තලපති විජේට සිය සුබාශිංසන එක් කර තිබේ.

සිය X ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

- උපුටා ගැනීම -
 
"අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වෙනුවෙන්  සී. ජෝසප් විජේ මහතාට සුබ පැතුම්! සැබෑ කාර්යය දැන් ආරම්භ වන අතර, ඉදිරි අභියෝග ජය ගැනීමට සහ ජනතාවට අර්ථවත් ප්‍රතිලාභ ලබා දීමට ඔබට සහ ඔබේ කණ්ඩායමට ශක්තිය සහ අධිෂ්ඨානය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.

ජාතීන් දෙකෙහිම ජනතාවට බලපාන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් සහ වඩාත් ධනාත්මක සම්බන්ධතාවයක් බලාපොරොත්තු වෙමි. ඔබට සහ ඔබේ කණ්ඩායමට මගේ සුබ පැතුම්...

- උපුටා ගැනීම අවසන් -