ඩො.මි. 2.5 ගැන පැමිණිල්ල කළේ රංග නෙමෙයි  - නලින්ද

ඩො.මි. 2.5 ගැන පැමිණිල්ල කළේ රංග නෙමෙයි - නලින්ද

May 5, 2026   05:51 pm

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අහිමිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණේ රංග රාජපක්ෂ නොව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද (05) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් පැවැති හදිසි විවාදයට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

"පැමිණිල්ල කළේ මේ නිලධාරියා කියලා කිව්වා.. ඇත්තටම පැමිණිල්ල කළේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරය."

"අනික් කාරණය තමයි මේ මරණය සැක කටයුතුයි කියලා බිරිඳ කියන එක..මේ සම්බන්ධයෙන් දැන් පාර්ලිමේන්තුවේ නැති දෙදෙනෙකු ප්‍රකාශ කරලා තිබුණා මාධ්‍ය හරහා. ඒ අය සම්බන්ධයෙන් නීතිමය කටයුතු ආරම්භ කරනවා."

"ඒ ප්‍රකාශ ගැන රංග රාජපක්ෂ මහත්තයාගේ ඥාතීන්ට ප්‍රශ්නයක් තියෙනවා. බරපතළ කම්පනයක් තියෙනවා මේ කියන ප්‍රකාශය ගැන." 

"අද බණ හෙට දානය. ඊට පස්සේ ඥාතීන් ඇවිත් ඒ කියපු අයට එරෙහිව පැමිණිලි කරනවා."