හෝමූස් මෙහෙයුම් සඳහා එක්වීමට දකුණු කොරියාවේ අවධානය

හෝමූස් මෙහෙයුම් සඳහා එක්වීමට දකුණු කොරියාවේ අවධානය

May 5, 2026   06:37 pm

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වෙළෙඳ නෞකාවලට ආරක්ෂාව සැපයීම සඳහා අමෙරිකාව ඉදිරිපත් කර ඇති යෝජනාවට එක්වීම සම්බන්ධයෙන් දකුණු කොරියාවේ විශේෂ අවධානය යොමු වී ඇති බව එරට විදේශ අමාත්‍යාංශය පවසයි.

ජාත්‍යන්තර මුහුදු මාර්ගවල නිදහස් නාවික ගමනාගමනය සහ ආරක්ෂාව තහවුරු කිරීම සියලු ජාතීන්ගේ පොදු යහපතට හේතු වන බවත්, එය ජාත්‍යන්තර නීතියට අනුකූලව ආරක්ෂා කළ යුතු බවත් දකුණු කොරියානු රජය අවධාරණය කරයි.

අමෙරිකානු හමුදාව විසින් පසුගිය සඳුදා 'Project Freedom' නමින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන ලදී‍.

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වෙළෙඳ නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීමය.

දකුණු කොරියාව සහ අමෙරිකාව මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන මුහුදු මාර්ගවල ආරක්ෂාව සම්බන්ධයෙන් සමීපව අදහස් හුවමාරු කර ගනිමින් සිටින බව සඳහන් වේ.