මැදපෙරදිග වත්මන් තත්ත්වය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්
May 7, 2026 07:53 am
කලාපීය ස්ථාවරත්වයට සහ සාමය ඇති කිරීම සඳහා ගනු ලබන ප්‍රයත්නවලට බලපෑම් එල්ල කරමින් වැදගත් බලශක්ති, යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර ඇතුළු බටහිර ආසියානු කලාපයේ මෑත කාලීනව උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ, ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුළු සැලකිය යුතු ජාත්‍යන්තර විදේශගත ප්‍රජාවක් මෙම කලාපය තුළ සිටින අතර ඔවුන්ගේ ආරක්ෂාව සහ යහ පැවැත්ම ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් කරුණක් බවය.
සිවිල් වැසියන්ගේ ආරක්ෂාව, සිවිල් යටිතල පහසුකම් සහ අත්‍යවශ්‍ය ගේලීය සැපයුම් දාමවල ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාව තරයේ පෙනී සිටින බව එම නිවේදනයේ සඳහන්ය.
අර්බුදකාරී ත්තත්ත්වය උස්සන්නවීම අවම කිරීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසත් ඵලදායී සංවාදයක නිරත වන ලෙසත් ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
