රතුගල ආදිවාසී නායකයා දිවියෙන් සමුගනී
May 7, 2026 10:33 am
මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල කොට්ඨාසයට අයත් රතුගල ආදිවාසී ගම්මානයේ නායක, දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තෝ සිය ජීවන ගමනෙන් සමුගෙන තිබේ.
මියයන විට හැට 62 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා, වැලිසර ළය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.
බිබිල සහ අම්පාර ප්‍රදේශ අතර පිහිටි, පවුල් 100ක පමණ පිරිසක් වෙසෙන රතුගල ආදිවාසී ගම්මානයේ නායකයා ලෙස සුදා වන්නිල ඇත්තන් කටයුතු කළේය.
