බොරතෙල් මිල යළිත් පහළට
May 7, 2026 02:08 pm
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අදත් පහළ යෑමක් පෙන්නුම් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ බොරතෙල් මිල ගණන් අඛණ්ඩව පහළ යමින් ප්‍රධාන බොරතෙල් වර්ග කිහිපයක්ම අමෙරිකානු ඩොලර් 100ට වඩා අඩු අගයකට පැමිණ ඇති බවය.
ඒ අනුව, ලෝක වෙළෙඳපොළ දත්ත අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 99.43ක් ලෙස සටහන්ව ඇත.
මීට අමතර WTI වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 93.17ක් ලෙසත්, මර්බන් බොරතෙල් බැරලයක් ඩොලර් 96.20ක් ලෙසත් සටහන් වී තිබේ.
මෙය පසුගිය දිනයට සාපේක්ෂව සියයට 2කට ආසන්න පහළ යාමකි.
මේ අතර යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් අමෙරිකාව සකස් කර ඇති කරුණු 14කින් යුතු නව අවබෝධතා ගිවිසුම තමන් සලකා බලමින් සිටින බව ඉරානය පවසයි.
මෙවන් පසුබිමක ලෙබනනය සමඟ ඇති සටන්විරාමය නොතකමින් එරට බේරූට් අගනුවර නාගරික කලාපයක් වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට ඊශ්‍රායලය ඊයේ කටයුතු කළේය.
හෝමුස් සමුද්‍රසන්ධිය අවහිර කිරීම හේතුවෙන් ගල්ෆ් කලාපීය මුහුදේ කොටු වී ඇති වාණිජ නෞකා මුදාගැනීමේ අරමුණින් ඇරඹුණු Project Freedom මෙහෙයුම අත්හැරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා තීරණය කළේය.
ඒ යුද්ධය නැවැත්වීමේ දේශපාලන විසඳුමකට ඉඩදීමේ අරමුණින්ය.
