චෙම්මනි සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු 260කට අදාළ අස්ථි කොටස් හමුවෙයි
May 8, 2026 04:44 pm
චෙම්මනි - සිත්තුපත්ති සමූහ මිනීවළේ මේ දක්වා සිදුකළ කැණීම් කටයුතුවලින් මිනිස් අස්ථි කොටස් 260ක් සොයාගෙන තිබේ.
ඉන් සිරුරු 256කට අයත් අස්ථි කොටස් ගොඩගෙන ඇති බව සඳහන්ය.
තෙවන අදිරයරේ 11 වන දිනයේ කැණීම් කටයුතු අද (08) සිදු කෙරුණු අතර එහිදී තවත් සිරුරු තුනකට අයත් අස්ථි කොටස් සොයා ගත් අතර ඉන් සිරුරු දෙකක් ගොඩගෙන ඇති බව සඳහන්ය.
තෙවන අදියරේ කැණීම් කටයුතුවලදී අද (08) දින දක්වා මිනිස් අස්ථි කොටස් 17ක් සොයාගෙන තිබේ.
