කිරිඳිඔයේ ජල මට්ටම ඉහළට

කිරිඳිඔයේ ජල මට්ටම ඉහළට

May 8, 2026   08:33 pm

වැල්ලවාය සහ කිරිඳිඔය ජල පෝෂක ප්‍රදේශවලට අද (08) පස්වරුවේ සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග කිරිඳිඔයේ ජල මට්ටම මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බව වාර්තා වේ.

මේ නිසා කිරිඳිඔය දෙපස ජනතාවට විමසිලිමත්ව සිටින ලෙස මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම්දීමක් ද කර ඇත.

කෙසේවෙතත් කිරිඳිඔය පිටාර ගැලීම හේතුවෙන් වැල්ලවාය ප්‍රදේශයේ නිවාස රැසක් මේ වන විට ජලයෙන් යට වී ඇති අතර තවදුරටත් මෙම ජල මට්ටම ඉහළ යා හැකි බවද සඳහන්.