වියට්නාම් ජනපති ඇතුළු දූත පිරිස දිවයිනෙන් පිටව යයි
May 8, 2026 09:59 pm
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරතවූ වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් මහතා ඇතුළු දූත පිරිස සංචාරය සාර්ථකව නිම කරමින් දිවයිනෙන් පිටව ගොස් තිබේ.
වියට්නාම් - ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් සහ දෙරටේම ජනතාවට ප්රතිලාභ රැසක් උදා කර දෙමින් මෙම සංචාරය සාර්ථකව අවසන් කළ බව සඳහන් වේ.
වියට්නාම් ජනාධිපතිවරයකු මෙරට සංචාරයේ නිරත වූයේ වසර 15කට පසුවය.
මෙම දූත පිරිසට සමුදීම වෙනුවෙන් කර්මාන්තසහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ගුවන්තොටු පොළ වෙත පැමිණ සිටියහ.
