මහනුවර - මහියංගනය මාර්ගයේ මාරක අනතුරක්
May 10, 2026 11:31 am
මහනුවර - මහියංගනය ප්රධාන මාර්ගයේ උඩදුම්බර, නිසරුව ප්රදේශයේදී අද (10) පෙරවරුවේ සිදු වූ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මහනුවර දෙස සිට මහියංගනය දෙසට ධාවනය වූ ලොරි රථයක් සහ ඊට ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු උඩදුම්බර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණ ද, ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක පමණ පුද්ගලයෙකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර උඩදුම්බර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
