දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් - දහයක් රෝහලේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් - දහයක් රෝහලේ

May 10, 2026   12:29 pm

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත හා කසාගල අතර කොටසේ 154 වන කණුව ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගයින් දස දෙනෙකු තුවාල ලබා තිබේ. 

ඔවුන් මේ වනවිට තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. 

මෙම අනතුර සිදුව ඇත්තේ, පානදුර ප්‍රදේශයේ විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසක් රැගෙන කතරගම බලා ගමන් කරමින් තිබු වෑන් රථයක් ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයක පිටුපස ගැටීමෙනි. 

එහිදී ලොරි රථය ද පෙරලී ගොස් ඇති බව සඳහන්ය.