මාඔයේ ගිලී දරුවෙකු ජීවිතක්ෂයට

මාඔයේ ගිලී දරුවෙකු ජීවිතක්ෂයට

May 10, 2026   03:27 pm

මාවනැල්ල, හේලිස්වත්ත ප්‍රදේශයේදී මාඔයේ දිය නෑමට ගිය දරුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 15ක් වූ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය දරුවා සහ තවත් දරුවෙකු මා ඔයේ දිය නෑමට ගොස් සිටි අතරතුර මෙලෙස දියේ ගිලී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. 

මෘත ශරීරය අරණායක රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මාවනැල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.