'බටුවත්තේ චාමර' දිවයිනට රැගෙන එයි
May 10, 2026 11:03 pm
අසර්බයිජානයේ දී අත්අඩංගුවට ගනු ලැබූ මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මනෝජ් සුරංග නොහොත් 'බටුවත්තේ චාමර' අද (10) රාත්රියේ දිවයිනට රැගෙන එනු ලැබීය.
සැකකරු ඉන්දියාව හරහා මෙරටට රැගෙන ආ බව වාර්තා වේ.
ඔහු රැගෙන ඒම සඳහා මෙරට පොලිස් කණ්ඩායමක් පසුගිය 7වනදා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.
