ඔරුවක් පෙරළී තරුණයෙකු මරුට

ඔරුවක් පෙරළී තරුණයෙකු මරුට

May 11, 2026   10:23 am

කැකිරාව, කිරිමැටියාව ප්‍රදේශයේදී කිරිමැටියාව වැවේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28ක් වූ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා තවත් පුද්ගලයින් පස් දෙනෙකු සමඟ කිරිමැටියාව වැවේ ඔරුපැදීමට ගොස් ඇති අතර එහිදී ඔරුව පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. 

කැකිරාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.