බුත්තල දෙමළිය වැව පිටාර ගලයි - කුඹුරු ඉඩම් රැසක් ජලයෙන් යට වෙයි
May 11, 2026 03:58 pm
මෙම දිනවල බුත්තල ප්රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බුත්තල දෙමළිය වැව පිටාර ගලමින් තිබේ.
ඒ හේතුවෙන් බුත්තල කුඹුරු ඉඩම් රැසක් ජලයෙන් යට වී ඇති අතර බුත්තල දෙමළිය මාර්ගය ද ජලයෙන් යට වී ඇති බව සඳහන් වෙයි.
මේ අතර, වසර ගණනාවකට පසු මෙවැනි තත්වයක් දෙමළිය ප්රදේශයට ඇති වූ බව ප්රදේශයේ ගොවි ජනතාව පවසා තිබේ.
