යම් පොලීසි ප්‍රමාණයක් වහන්නත් හිතෙනවා - පොලිස් ඇමති

යම් පොලීසි ප්‍රමාණයක් වහන්නත් හිතෙනවා - පොලිස් ඇමති

May 12, 2026   06:39 pm

රට තුළ දැනට පවතින පොලිස් ස්ථාන සංඛ්‍යාව අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමක පවතින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

"දැන් පොලීසි ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා. යම් ප්‍රමාණයක් වහන්නත් හිතෙනවා." යනුවෙන් අමාත්‍යවරයා පැවසීය. 

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (12) කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකට එක්වෙමිනි.

දිට්වා ව්‍යසනයෙන් හානියට පත්වූ බෝයවලාන පොලිස් ස්ථානය සඳහා විකල්ප ඉඩමක අවශ්‍යතාව පෙන්වා දීමත් සමඟ ඇති වූ සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ අදහස් පළ කර තිබේ.