පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් හා ලංගමයක් බිහිසුණු අනතුරක

පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් හා ලංගමයක් බිහිසුණු අනතුරක

May 13, 2026   10:11 am

කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ දික්වැල්ල, පොල්ගහමුල්ල පුද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාව අසලදී පාසල් ළමුන් ප්‍රවාහන කළ පෞද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් එකිනෙකට ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අද (13) උදෑසන මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

පාසැල් ළමුන් ප්‍රවාහන බස් රථය අම්බලන්තොට දෙස සිට ගමන් කරමින් තිබූ අතර ලංගම බස් රථය කතරගම දෙසට ධාවනය වෙමින් තිබියදීයි මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය.

අනතුරකින් පාසල් ළමුන් ඇතුලු පුද්ගලයින් 18 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

තුවාල ලැබූ පිරිස දික්වැල්ල සහ මාතර යන රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර තුවාල ලැබූ පිරිස අතර පාසල් සිසුන් 7 දෙනෙකු ද වන බව රෝහල් ආරංචිමාර්ග සදහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.