'ඩුබායි අසිතට' අයත් වත්කම් රැසකට අධිකරණයෙන් තහනමක්
May 13, 2026 08:04 pm
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙසින් සැලකෙන 'ඩුබායි අසිතට' නමැත්තාට අයත් බව පැවසෙන රන් පවුම් 105ක් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් කර තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නීතිවිරෝධි වත්කම් විමර්ශන ඒකකය සිදුකළ කරුණු දැක්වීමකින් අනතුරුව මෙම නියෝගය ක්‍රියාත්මක කර ඇත.
එමෙන්ම ඔහුට අයත් රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා වෑන් රථයක් හා රුපියල් ලක්ෂ 10ක මුදලක්ද තහනම් කිරීමට අධිකරණය කටයුතු කර තිබේ.
මෙම මුදල් හා රන් භාණ්ඩ 'ඩුබායි අසිත' නමැත්තා සිය ඥාතීන්ගේ නම්වලින් මිලදීගෙන තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත.
