සූර්යවංශි ඇතුළු යොවුන් තරු තුන්කොන් සටනකට ලංකාවට

සූර්යවංශි ඇතුළු යොවුන් තරු තුන්කොන් සටනකට ලංකාවට

May 14, 2026   06:13 pm

ශ්‍රී ලංකා, ඉන්දියා හා ඇෆ්ගනිස්තාන 'A' කණ්ඩායම් සහභාගිත්වයෙන් මෙරටදී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ඉන්දීය සංචිතය අද (14) නම් කළේය.

තිලක් වර්මාගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට රාජස්ථාන් රෝයල්ස් ප්‍රහාරාත්ම පිතිකරු,15 හැවිරිදි වෛභව් සූර්යවංශිද නම්කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

ඔහුට අමතරව මේ දිනවල පැවැත්වෙන IPL තරගාවලියේ පංජාබ් කිංග්ස් කණ්ඩායමේ කැපී පෙනෙන පිතිකරුවෙකු වන ප්‍රභ්සිම්රාන් සිංද නම්කර ඇත.

මෙම තුන්කොන් තරගාවලිය එළැඹෙන ජූනි මාසයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර, ඉන් අනතුරුව ශ්‍රී ලංකා - ඉන්දීය 'A' කණ්ඩායම් සහභාගිත්වයෙන් සිව්දින තරග 2ක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

තුන්කොන් තරගාවලියට නම්කළ ඉන්දීය 'A' සංචිතය

තිලක් වර්මා (නායක), ප්‍රියංෂ් ආර්යා, වෛභව් සූර්යවංශි, රියන් පරග් (උප නායක), ආයුෂ් බදෝනි, නිශාන්ත් සින්ධු, හර්ෂ් ඩුබේ, සූර්යන්ෂ් ෂෙජ්, ප්‍රබ්සිම්රන් සිං (කඩුලු රකින්නා), කුමාර් කුෂාග්‍රා (කඩුලු රකින්නා), විප්රාජ් නිගම්, යෂ් තාකූර්, යුද්වීර් සිං, අන්ෂුල් කම්බෝජ්, අර්ෂාඩ් ඛාන්.