නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

May 14, 2026   06:57 pm

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (14) පස්වරු 04.00 සිට හෙට පෙරවරු පස්වරු 04.00 දක්වා පැය 24ක කාලයක්  බලපැවැත්වෙන බවය.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බදුරලිය, ⁠මතුගම, හොරණ සහ ⁠වලල්ලාවිට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම 2 අවදානයෙන් සිටින ලෙසත් අනතුරු අඟවා තිබේ.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, ⁠හාලිඇල සහ පස්සර, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, ඇල්පිටිය සහ ⁠නියාගම කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ ⁠බුලත්සිංහල මහනුවර දිස්ත්‍රික්කයේ ⁠පූජාපිටිය, තුම්පනේ, ⁠දෙල්තොට, දොලුව, උඩුනුවර, හතරලියැද්ද, හාරිස්පත්තුව, ⁠පාතහේවාහැට, පස්බාගේ කෝරලේ, අකුරණ, ගඟවට කෝරලේ, පන්විල, යටිනුවර, ගඟ ඉහළ කෝරලේ සහ උඩපළාත⁠, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, ⁠බුලත්කොහුපිටිය, යටියන්තොට, අරණායක, කෑගල්ල, රඹුක්කන, වරකාපොල, දෙහිඕවිට, සහ ⁠රුවන්වැල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම සහ ⁠නාරම්මල, මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල, ⁠අඹන්ගඟ කෝරලේ සහ රත්තොට මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, ⁠වැල්ලවාය සහ ⁠බිබිල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ්, අඹගමුව කෝරලේ සහ ⁠කොත්මලේ බටහිර, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, කලවාන, ගොඩකවෙල, කිරිඇල්ල සහ සහ ⁠අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් ව සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවා ඇත.