ආර්ථිකය කඩා වැටුණාට වඩා වේගයෙන් රුපියල අවප්රමාණය වෙමින් පවතිනවා - දිලිත්
May 15, 2026 08:02 pm
රටේ ආර්ථිකය දරුණු ලෙස කඩාවැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන් මේ වනවිට රුපියල අවප්රමාණය වෙමින් ඇති බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර මහතා පවසයි.
අද (15) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මීට හේතුවී ඇත්තේ ආණ්ඩුව ආනයන අපනයන පිළිබඳ ප්රතිපත්තිය ක්රියාත්මක කළේ තමන්ගේ දර්ශනයකින් නොව පිටින් ලැබුණු උපදෙස් අනුව වීම බවය.
සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර මහතා,
"ඩොලරය ඉහළ යෑමට නියමිත බව අපි කලින් කිව්වා. මේකට ප්රධාන හේතුව තමයි අපේ ආනයන අපනයන ප්රතිපත්තිය තර්කානුකූල තැනක නොතිබීම. ආණ්ඩුව කටයුතු කළේ පිටින් ලැබුණු උපදෙස් අනුව. වාහන ගෙන්නුවේ ඩොලර්වලින්, බදු ගත්තේ රුපියල්වලින්. රුපියල් හොයා ගත්තා ඩොලර් ගියා."
"අද ඩොලරය, රුපියලට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නවා. දැනටමත් විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙලා. කර්මාන්තශාලා දැඩි අර්බුදයක. මේ තරම් වේගයෙන් රුපියල කඩාවැටෙනවා දැකලා නැහැ. දරුණුම අවස්ථාවේදිවත් මේ තරම් වේගයෙන් රුපියල කඩාවැටුණේ නැහැ."
"වහාම තීන්දු තීරණ වෙනස් නොකළොත් කාලය ලබාගැනීමේ අවස්ථාව හිමිවන්නේ නැහැ. ආර්ථිකය සංකෝචනය වීම නුදුරේදීම ජනතාවට බලපානවා. එතකොට මිනිස්සු ප්රතිචාර දක්වන්නේ සියලු සිවිල් පද්ධතීන් බිඳවැටෙන ආකාරයට."
