චීන ජනපති අමෙරිකාවේ සංචාරයකට සැරසෙයි

චීන ජනපති අමෙරිකාවේ සංචාරයකට සැරසෙයි

May 15, 2026   09:08 pm

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ආරාධනයකට අනුව චීන ජනාධිපති ෂී ජින්පින් අමෙරිකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.

චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සඳහන් කර ඇත්තේ මේ වසරේ සරත් සමයේදී (සැප්තැම්බර් - නොවැම්බර්) චීන ජනාධිපතිවරයාගේ අමෙරිකා සංචාරය සිදුවෙනු ඇති බවය.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ තෙදින නිල සංචාරය නිම කරමින් අද (15) චීනයෙන් පිටත්ව ගියේය.