දියේ ගිලී තරුණයින් දෙදෙනෙකු මරුට
May 15, 2026 09:59 pm
කොස්ගම තාවල්ගොඩ ප්රදේශයේ ඇල මාර්ගයක දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 16ක් සහ 17ක් වන තරුණයින් දෙදෙනෙකු වේ.
මියගිය දෙදෙනාගේ දේහයන් කොස්ගම සාලාව ප්රාදේශිය රෝහලේ තැන්පත් කර ඇත.
දේහයන් පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අවිස්සාවේල්ල දිස්ත්රික් මහ රෝහලේ දී සිදු කිරීමට නියමිතය.
කොස්ගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
