අඩි 13ක් දිග සුදු මෝරෙකුගේ ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

අඩි 13ක් දිග සුදු මෝරෙකුගේ ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

May 16, 2026   10:20 pm

ඔස්ට්‍රේලියාවේ පර්ත්හි ජනප්‍රිය රොට්නස්ට් දූපත ආශ්‍රිත මුහුදේ සිදුවූ මෝර ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ.

විදෙස් වාර්තාවන්ට අනුව අඩි 13 (මීටර් 4)ක් පමණ දිගින් යුත් සුදු මෝරෙකු මෙම ප්‍රහාරය එල්ලකර ඇත.

එරට වේලාවෙන් ඊයේ (15) රාත්‍රී 10ට පමණ මෙම මෝර ප්‍රහාරය එල්ල වී ඇති අතර, එම ප්‍රහාරයෙන් මරණයට පත්ව ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙක්ය.

ප්‍රහාරය එල්ලවීමත් සමග වෛද්‍යවරුන් සහ පොලිසිය එක්ව බෝට්ටුවකින් එම පුද්ගලයාව ගොඩබිමට රැගෙන ආවද, දිවි බේරාගැනීමට නොහැකි වී ඇත.

පසුගිය වසරේ මාර්තු මාසයේදී සර්ෆ් ක්‍රීඩකයෙකු එල්ල වූ ප්‍රහාරයනේ පසු බටහිර ඕස්ට්‍රේලියාවේ සිදු වූ පළමු මාරාන්තික සිදුවීම මෙය වේ.

මෝරුන්ගෙන් එල්ලවන ප්‍රහාර පිළිබඳ දත්ත වාර්තා කිරීම ආරම්භ කළ 1791 වසරේ සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවේ මෝර ප්‍රහාර 1,300කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

ඉන් 260කට වැඩි ප්‍රමාණයක් මරණය පත්ව තිබේ.