රාජ්‍ය බැංකුවක ඩොලරයේ විකුණුම් මිල රු. 340 ඉක්මවයි
May 19, 2026 04:45 pm
අද (19) දිනයේ රාජ්‍ය බැංකුවක අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 341.68ක් ලෙස සටහන් ව තිබේ.
එහි ගැණුම් මිල ලෙස දැක්වුණේ 332.14ක් ලෙසය.
මේ අතර, ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල අද (19) දිනයේදී රුපියල් 338 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාතික වාර්තාවේ සඳහන් වේ.
ඒ අනුව, මහ බැංකුවේ අද දින විනිමය අනුපාතික නිවේදනයට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.2351ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 338.0729ක් ලෙසත් සටහන් වී තිබේ.
ඊයේ (18) දිනයේදී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.74ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 334.26ක් ලෙසත් වාර්තා වී තිබුණි.
