වෙසක් පොහොයට දන්සැල් ලියාපදිංචිය අනිවාර්යයි

වෙසක් පොහොයට දන්සැල් ලියාපදිංචිය අනිවාර්යයි

May 19, 2026   08:47 pm

එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන වෙසක් දන්සැල් ලියාපදිංචිය අනිවාර්ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ ළඟම තිබෙන සෞඛ්‍ය සේවා කාර්යාලයෙන් මෙම දන්සැල් ලියාපදිංචිය සිදුකළ හැකි බවය.

ඒ අනුව සෞඛ්‍ය සේවා කාර්යාලයෙන් ලබා දෙන උපදෙස් අනුව ඉතා සුරක්ෂිත ආහාර වේලක් පිළියෙළ කිරීමේ හැකියාව අදාළ පාර්ශ්වයන්ට පවතින බවද ඒ මහතා සඳහන් කළේය.

වෙසක් පොහොස සඳහා දන්සැල් ලියාපදිංචිය පසුගිය 04 වැනි දින සිට ආරම්භ කෙරිණි.