දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

May 21, 2026   05:48 pm

ඉබෝලා වෛරස් වසංගත තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ නව දිල්ලි නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව විදෙස් වාර්තා පවසයි.

කොංගෝ රාජ්‍යෙය් පැතිරී යන ඉබෝලා වෛරස් වසංගත තත්ත්වය හමුවේ මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් නිර්මාණය වී තිබීම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

අප්‍රිකානු සමුළුව එළඹෙන 28 වනදා සිට 31 වනදා දක්වා නව දිල්ලි නුවරදී පැවැත්වීමට සැළසුම් කර තිබුණි.