නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ
May 24, 2026 05:43 pm
පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කර ඇත්තේ අද (24) පෙරවරු 5.00 සිට හෙට පෙරවරු 5.00 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම් යාවත්කාලීන කළ බවය.
ඒ අනුව, අධියර 2 මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කරමින් අවධානයෙන් සිටින ලෙසට පහත සඳහන් ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දැනුම් දී තිබේ.
කෑගල්ල දිස්ත්රික්කයේ - දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල, යටියන්තොට
රත්නපුර දිස්ත්රික්කයේ - කුරුවිට, රත්නපුර, අයගම සහ ඇහැලියගොඩ
මීට අමතරව, පළමුවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කරමින් විමසිලිමත්ව සිටින ලෙසට පහත සඳහන් ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දැනුම් දී තිබේ.
කොළඹ දිස්ත්රික්කයේ - සීතාවක, පාදුක්ක.
ගම්පහ දිස්ත්රික්කයේ - අත්තනගල්ල.
කළුතර දිස්ත්රික්කයේ - පාලින්දනුවර, මතුගම, ඉංගිරිය, බුලත්සිංහල, අගලවත්ත, හොරණ.
කෑගල්ල දිස්ත්රික්කයේ - බුලත්කොහුපිටිය.
නුවරඑළිය දිස්ත්රික්කයේ - අඹගමුව.
රත්නපුර දිස්ත්රික්කයේ - කිරිඇල්ල, පැල්මඩුල්ල, නිවිතිගල, ඇලපාත, සහ කලවාන.
