කහතුඩුවේදී ඇඟලුම් සේවිකාවන් රැගත් බස් රථයක් පෙරළෙයි
May 25, 2026 09:27 pm
කහතුඩුව, දියගම මාර්ගයේ ඇඟලුම් සේවිකාවන් රැගෙන ගිය බස් රථයක් අද (25) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායකට පෙරළී අනතුරක් සිදුව තිබේ.
ඉන් 19 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.
මාර්ගයේ පැමිණි වෙනත් වාහනයකට ඉඩ ලබාදීමට යාමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
අනතුරින් තුවාල ලැබූ 19 දෙනා අතරින් 17 දෙනෙකු හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත.
එක් අයෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලටත් සහ සෙසු පුද්ගලයා වෑතර රෝහලටත් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
